වැලිසර නාවික කඳවුරේ රාජකාරි කොට නිවසට පැමිණ යළි කඳවුරට ගොස් සිටි අක්මිමන පොලිස් බල ප්රදේශයේ පදිංචි නාවික සෙබලෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු ඔහු සමිපව ඇසුරු කළ පවුල් 11කට අයත් පුද්ගලයින් 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.
අක්මිමන පොලිස් බල ප්රදේශයේ පවුල් 07ක පුද්ගලයින් හා පොද්දල පොලිස් බල ප්රදේශයේ පවුල් 04කට අයත් පුද්ගලයින් මෙසේ නිරෝධායනයට ලක්කොට ඇති බවද අක්මිමන පොලීසිය පවසයි.
මෙකි නාවික සෙබලා ඉකුත් 20 වැනි දින වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර ඉකුත් 27වැනි දින මොහු යලි කඳවුරට ගොස් ඇති බවද පොලීසිය පවසයි. නාවික කඳවුරේ දි සිදුකළ පි. සි.ආර් පරික්ෂණයේ දි මෙම නාවික සෙබලාට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද පොලීසිය පවසයි.