මේ වන විට පුද්ගලයන් 122000ක් නිවාස තුළ හා විවිධ පරිශ්‍ර තුළ නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මේ අතරින් ඇතැම් පිරිස් නිරෝධායන නීතීන්වලට පටහැනිව කටයුතු කරමන් පදිංචි පරිශ්‍රයන්ගෙන් පිටතට යන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.
නිරෝධායන නීතීන්වලට පටහැනිව කටයුතු කරන අයට එරෙහිව ඉදිරියේදී නඩු පැවැරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.