මේ වනවිට දිස්ත්‍රික්ක 14කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා පවුල් 2636කට අයත් පුද්ගලයන් 12,106ක් ආරක්ෂිත කඳවුරු 28ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
නිවාස 1950කට හානි සිදුව තිබෙන බවත් නිවාස හානි තක්සේරු කරන තෙක් රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක් ලබාදීම ආරම්භ කර තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
වැඩිම පිරිසක් අවතැන් වී සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 1318කට අයත් පුද්ගලයෝ 6272ක් ආරක්ෂිත කඳවුරු 7ක රඳවා සිටිති.
මේ අතර වැඩිම නිවාස හානි සිදුව තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 850කි.