සෑම විෂය ක්ෂේත්රයකට ම අදාළ ව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවතිය යුතු බව තම ප්‍රතිපත්තිය බවත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඒ අකාරයෙන් ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ද පැවතීම අනිවාර්ය බත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කරන ලද වෛද්‍ය සිසුන් සහ දෙමාපියන් සමඟ අද (20දා) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති හමුව අමතමිනි.
විදෙස් රටවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විදේශ විනිමය ලෙස වසරකට රුපියල් කෝටි 800ක මුදලක් පිට රටට ගලා යන බවද ජනපතිවරයා මෙහිදී පැවැසීය.
පසුගිය වසර කිහිපය පුරා ඇතමුන් විසින් තම පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් මෙහයවුව ද එම සිසුන් රැක ගනිමින් ඔවුන්ගේ ගැටලු විසඳා දීමට තමන් කැපවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.