තමන්ට පෞද්ගලික වැඩ තිබුණත් කාලය වෙන්කරගෙන ජනතාවට සේවය කිරීමට පැමිණි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවකට ඊයේ එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මගේ දෙවැනි දරුවා උපදින්න තියෙන නිසා. කලින් යන්න ඕන. අද බොහොම අමාරුවෙන් කාලය වෙන්කරගෙන ආවේ.
ඇත්තටම කර්ය බහුලයි. ගෙදර අපේ පෞද්ගලික වැඩ තිබ්බත් ඔබ තමුන්නාන්සේලාට සේවය කිරීමට තිබෙන නිසයි අපි ගම්මාන වලට ආවේ.
අපිට මාධ්‍ය තුළින් මෙන්ම සමාජ මාධ්‍ය තුළින් බැනුම් අහන්න වෙලා තිබෙනවා. අපි රජයක් හා ජනාධිපති වශයෙන් කිසිම වැඩක් කරන්නේ නෑ කියලා.
ප්‍රධාන වශයෙන්ම ඒකට හේතුව වන්නේ අපේ මාධ්‍ය හා දේශපාලන අධිකාරිය අපි කරන වැඩපිළිවෙළ ගැන ගම්මාන ඇතුළේ කථා වුණාට ඒක රටක් ලෙස ප්‍රකාශ වෙන්නේ නෑ. ඒකයි මේ කථා එල්ල වෙන්නෙ.”