මේ වසරේ ගෙවීගිය කාලය තුළදී පෞද්ගලික බස්රථ සේවකයන් විසින් අවස්ථා හතකදී ලංගම සේවකයන්ට පහර දී තිබෙන බවත්, තර්ජනය කිරීම් සිය ගණනක් සිදුව තිබෙන බවත් සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය සඳහන් කරයි.
මේ නිසා කඩිනමින් මෙම ගැටලුව විසඳන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත්, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් බස්රථ වැඩ වර්ජනයකින් පිළිතුරු ලබාදෙන බවත් එම සංගමයේ ප්රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.
පෞද්ගලික බස්රථ මාෆියාවක් ක්රියාත්මක වෙමින් තිබෙන අතර, මේ හරහා ලංගමය විනාශ වී යන බවද ඔහු පවසා සිටියේය.