අක්මිමන ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශලාවක සේවය කරන සේවකයින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
මින් එක් සේවකයකුගේ මංගල උත්සවය අක්මිමන ප්‍රදේශයේ පැවති අතර මනාලයා වන එම සේවකයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිම නිසා මංගල උත්සවයට සහභාගිවු 30 දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බවද ඒ මහතා පවසයි.
මංගල උත්සවය නිරෝධායන නිතිරිති වලට අනුකුලව පවත්වා ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මෙකි කර්මාන්ත ශාලාවේ සේවය කරන මනාලයා වන සේවකයා මංගල උත්සවය සදහා නිවාඩු ලබාගෙන ඇත.
ඔහු සේවය කළ ගබඩා අංශයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා මනාලයාද පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඇත. ඔහු මනාලිය කැදවාගෙන සිය නිවසට එන දින පි.සි.ආර්. පරික්ෂණ ප්‍රථිපල ලැබි ඇති අතර ඒ අනුව මනාලයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
මෙකි පුද්ගලික කර්මාන්ත ශාලාවේ සේවකයකුගේ දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අතර ඉන් පසු එම සේවකයා පි.සි.ආර් පරික්ෂණයකට ලක්කිරිමෙන් පසු ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. ඉන්පසු මෙකි කර්මාන්ත ශාලාවේ සේවකයින් 17 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. කොරෝනා ආසාදිත රෝගින් 11 දෙනා වැඩිදුර ප්‍රථිකාර අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල වෙත යොමුකොට ඇති බවද ඒ මහතා පවසයි. එම සේවකයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 46 දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට ලක් කිරිමට පියවරගෙන ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.