පාදුක්ක බෝපෙ දෙගන් තිලක මාවතේ නිවසක් ඉදිරිපිට දී 32 හැවිරිදි පුද්ගලයෙකුට 68 හැවිරිදි පුද්ගලයකු ඊයේ 27 රාත්‍රී පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ තුම්මෝදර හල්පෙ වත්ත පදිංචිව සිටි රසිකා ප්‍රියංකර 32 නැමැත්තෙකි.
ඝාතනයට යොදා ගත් පිහිය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා සහෝදරයාගේ ඉල්ලීම මත ඔහුගේ නිවස ඉදිරිපිට වැරැන්ඩාව අසල තවත් කීප කීපදෙනකු සමඟ එක්ව කොන්ක්‍රීට් දමමින් සිටියදී ඒ ආසන්නයේ නිවසක පදිංචිව සිටි සහෝදරයාගේ බිරිඳගේ පියා විසින් පිහියක් රැගෙන එම ස්ථානයට පැමිණ මෙලෙස ඇණ ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මේසන් හැන්දක් අත දරාගෙන කොන්ක්‍රීට් යොදමින් සිටි මරණකරු එම ස්ථානයෙන් නැගිට "මොකද ජිනේ මාමේ " යැයි පවසනවාත් සමගම අත දරා සිටි පිහියෙන් ඔහුගේ වම් ඇලපත ඇණ ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලද පුද්ගලයා පාදුක්ක දිසා රෝහල වෙත ගෙන ගොස් මද වේලාවකට මිය ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මියගිය පුද්ගලයාගේ සහෝදරයාගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ සැකකරු නොසතුටෙන් සිට ඇතැයිද මරණකරු සමග සැකකරුගේ කිසිම අමනාපයක් නොතිබූ බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සිද්ධිය වන අවස්ථාවේදී සැකකරු මත්පැන් පානය කර සිටි බවද පොලිස් විමර්ශන යෙදවිය හෙළි වී ඇත.
බිමල් ශ්‍යාමන් ජයසිංහ