72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ලබාදී තිබූ සතියක පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් 13ක් සහ සෙසු නිලයන් 8,005ක් නැවත සේවයට වාර්තා කර තිබේ.
එම පිරිස අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 6,091ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන් 773ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 06ක් සහ සෙසු නිලයන් 1,141 දෙනෙකු වන බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
මෙම පොදු සමා කාලය පසුගිය 05 වැනිදා සිට 12 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළ අතර, 2019 සැප්තැම්බර් 30 වැනිදාට පෙර සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට මෙලෙස නැවත සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.