එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් නොකර වෙනත් පක්ෂවලින් අපෙක්ෂකයින් ජනාධිපතිවරණයේදි ඉදිරිපත් කර ඒ අපෙක්ෂකයා ජයග්‍රහණය කිරිම තුළ පක්ෂයටත් රටේ ජනතාවටත් එම ප්‍රතිවිපාක වර්තමානයේ විදිමට සිදුව ඇති බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු රංජිත් අලුවිහාරේ මහතා ,
අපි එක්සත් ජාතික පක්ෂය හැටියට පිටින් හයර් කරන්න ඕන නැහැ.අපේ පක්ෂයේ සුදුසු නායකයෙක් හදා ගන්න ඕන. අපිට හැමදාම පැරදෙන්න බැහැ. අපේ පක්ෂයේ කෙනෙක් දාලා අපි ජයග්‍රහණය කරන්න ඕන. නැතුව වෙන පක්ෂවල අය හයර් කරලා ඒ අයට තනතුරු අරන් දිලා වැඩක් නැහැ. නායකත්වය මේවා තේරුම් ගත යුතුයි. අද වනවිට අධිකරණය අපෙ යහපාලන ආණ්ඩුව විසින් ස්වාධින කළා.
. මේ දවස් කිහිපයේදි රටේ නම වැනසුනා.මොන ආණ්ඩුව ගත්තත් වැඩක් නැහැ.ලංකාව අද වන විට මානව හිමිකම් උල්ලංගනය කරන රටක් බවට පත්වෙලා තියෙන්නේ . අපි මැතිවරණවල බයක් නැහැ.අලුවිහාරේ මහතා පැවසිය.
රත්තොට රුවන් ධනංජය