හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨයේ යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අවු 04 පිරිමි දරුවෙකුට සහ කාන්තාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව (06) දින තහවුරු වි ඇති බව එම නිරෝධායන මධ්‍යස්ථාන භාර නිලධාරියෙකු පැවසිය.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අවු 04 පිරිමි දරුවා හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ,කාන්තාව (40) මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් , අසාදිතයන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගන්නා බවයි එම නිලධාරියා කියා සිටියේ.
බහරේන් රාජ්‍යයේ සිට ඉකුත් මස 22 දින දිවයිනට පැමිණි 229 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබු අතර , එම නිරෝධායන මධ්‍යස්ථානයේ (බි) කොටසේ නිරෝධායන වෙමින් සිටි දෙදෙනෙකුටයි මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත්තේ.
නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සෙසු පිරිසට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බවත්, එම නිරෝධායන මධ්‍යස්ථානයේ (බි) කොටසේ නිරෝධායනය වෙමින් සිටින පිරිස හැර අනෙකුත් අය (07) දින ඔහුන්ගේ නිවාස කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිලධාරියා කියා සිටියේ.