ගතවූ ඉකුත් පැය 24 තුළ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවලින් කොවිඞ් ආසාදිත පුද්ගලයින් 88 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
අසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් සහ උණ රෝගයෙන් පෙලූන රෝගීන් සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ඒ ඒ රෝහල්වලදි සිදුකළ පී.සි.ආර් පරීක්ෂණ වලදී හෙලිව ඇතිබව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පිරිසෙන් බහුතරයක් ප්‍රතිකාර සඳහා විශේෂ ප්රතිකාරක මධ්‍යස්ථාන වෙත ඇතුල් කරඇති අතර රෝහල්වල ඇති ඉඩකඩ අනුව සුලූ පිරිසක් මේවනවිට සිය නිවෙස්වල රඳවාතබා ඇති බවත් ඉඩකඩ ලැබෙන පරිදි එම රෝහල්වට යොමු කිරීමට නියමිත බවත් එම සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසයි.
ලලිත් ඒ කේ නවරත්න