ආණමඩුව හා නවගත්තේගම ප්‍රදේශ වලට කේරල ගංජා බෙදාහැරිමේ ප්‍රධාන ජාවාරම්කරුවකු පුත්තලම කොඨඨාශඅපරාධ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් විසින් අද (26 ) සවස අත්අඩංගුවට ගෙන තිබුනී.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව මහඋස්වැව වැටියගෙදර පදිංචි 38 හැවිරිදි සැකකරුවකු බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබු රුපියල් දෙලක්ෂ විසි දහසකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 1කයි ග්‍රෑම්ස් 380ක් විෂමත්ද්‍රව්‍ය ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
අදාල සැකකරු ආණමඩුව හා නවගත්තේගම ප්‍රදේශ වලට ගංජා බෙදාහැරිමේ ජාවාරම කලක සිට කර ඇති බව විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පවසයි.
අදාල සැකකරු සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් සිදුකරන මුවාවෙන් කලක සිට මෙම කේරල ගංජා ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබි තිබුනී.
විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් මෙම ජාවාරම්කරු වැටලිමට ගොස් සිටියදී නිවස පිටුපස තේක්ක වගාවක් මැදින් පලා යමින් සිටියදී ලුහු බැද අල්ලා ගත් බව කියයි.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදි හෙලිවි ඇත්තේ ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයකු විසින් මෙම සැකකරුට කේරල ගංජා ලබා දිම සිදුකර ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දි ඇති අතර 27 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.