පුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද (18) පස්වරු 4.30ට සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම වලකා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.