පුත්තලම සහිරා ජාතික පාසල තුළ පිහිටා තිබු නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය වෙමින් සිටි පිරිස් සියල්ලම අද (24දා) දින නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත යැවිමත් සමග එය හිස්වු බව යුධ හමුදාව පවසයි.
පසුගිය මාර්තු 29 දින සහිරා ජාතික පාසල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට රජය කටයුතු කර තිබුණි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල 98 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි අතර ඒයින් 16 දෙනෙකු කොරෝනා ආසාධිතයින් ලෙස ජෛව පටල සාම්පල පරික්ෂාවේදි සනාථ වු බවත් අංගාඩ බෝවන රෝග රෝගායතනය වෙත හා මුල්ලේරියාව නැගෙනහිර මහ රෝහල වෙතත් ප්‍රථිකාර සඳහා යැවීමට කටයුතු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
සහිරා ජාතික පාසල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සියලු අධික්ෂණ කටයුතු යුධ හමුදාව විසින් සිදුකර තිබු අතර සෞඛ්‍ය කටයුතු භාරව තිබුනේ පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයටය .
යුධ හමුදාවේ 58 වන බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙම මධ්‍යස්ථානය තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස 24 දින සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කිරිමත් සමග මධ්‍යස්ථානය හිස් වු බවයි .
ඒ අනුව මෙම මධ්‍යස්ථානය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධව ඉදිරියෙදි දැනුම් දෙන බවත් තවමත් මෙම ස්ථානය යුධ හමුදා භාරයට ගෙන ඇති බවත් ඔහු පැවසිය.