පුත්තලම සතොස සේවයකුට කොව්ඩ් 19 ආසාදිත වි ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
මෙසේ කොවිඩ් ආසාදිතව ඇත්තේ වවුනියා පදිංචි පුත්තලම සතොස සේවය කරනු ලබන සේවකයකු බව කියයි.
මෙම සේවකයා පසුගිය 11 දින නිවාඩු ලබා පුත්තලමේ සිට වවුනියාවට ගොස් නිවසේ රැදි සිටියදි උණ හා තවත් රෝග ලක්ෂණ හේතුවෙන් 15 දින වවුනියාව රෝහලට ඇතුලත් කර තිබියදි සිදුකල ජෛව පටල සාම්පල පරික්ෂාවකදි ආදාල සතොස සේවකයා ආසාදිතයකු බව 18 දන අනාවර්ණය වි තිබුනී.
ඒ සමගම වවුනියාව සෞඛ්‍ය අංශ කල දැනුවත් කිරිම මත අදාල සේවකයා සමග සේවය කල පුත්තලම සතොස සේවකයින් හය දෙනෙකු ජෛව පටල සාම්පල ලබා ගන්නා තුරු ස්වයං නිරෝධයනයට යොමු කිරිමට කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.