පුත්තලම දිස්ත්රික්කයේ ප්රධාන නගර කීපයක සහල් අලෙවි කරන ස්ථාන කීපයක ඉකුත් 7 සහ 8 දිනයන් හිදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සහල් වැඩිමිලට අලවිකළ වෙළඳසැල් පනහක නඩු භාණ්ඩ අත්අඩංගුවට ගත් බව පුත්තලම පාරිභෝගික අධිකාරිය පවසයි.
සමස්ත දිවයිනේම මෙම වැටලීම් 7 සහ 8 දිනයන්හිදී සිදුකළ අතර පුත්තලම දිස්ත්රික්කය තුළ පුත්තලම, හලාවත, මාරවිල, වෙන්නප්පුව, ආණමඩුව යන දිස්ත්රික්කය පුරා අහඹු ලෙස තෝරාගත් වෙළඳසැල් කීපයක මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.
මෙහිදී රජය විසින් නියමකර ඇති උපරිම සිල්ලර මිල ගණන් අභිභවා ඉහළ මිළ ගණන් වලට සහල් වර්ග අලවිකළ වෙළඳසැල් 50ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.
සියලූ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පවසන පාරිභෝගික අධිකාරිය ඉදිරියේදී තවත් වැටලීම සිදුකිරීමට ක්රියාකරන බවත් ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පවසයි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න