පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ සෙව්වන්තිව් ලුණු ලේවායේ අතහැර දමා තිබූ පොල් අතු මඩුවක්තුළ තිබී ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද ( 01) පුපුරුවා හැර තිබේ.
ලුණු ලේවායේ අත හැර දමා තිබූ මඩුවක් සුද්ද කිරීමට යාමේදී මෙම අත් බෝම්බය දැක ඇති බව කියන එහි හිමිකරු ඒ බව පුත්තලම පොලීසියට දැනුම් දී ඇත.
ඒ අනුව පුත්තලම පොලීසියේ අපරාධ අංශයේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ සිදුකළ මූලික විමර්ශනයකින් පසුව පුත්තලම අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව බෝම්බය පුපුරුවා හැර ඇත.
පොලිතීන් කවරයක බහා තිබූ මෙම ජීව අත් බෝම්බය විදෙස් රටක නිෂ්පාදිත ටයිප් 82 ( Tipe 82 ) වර්ගයට අයත් එකක් බව එම බෝම්බය පිපිරීම සිදු කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
කරුවලගස්වැව - ජයරත්න වික්රමආරච්චි