පුත්තලම රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි බැංකු කාර්ය මංඩලයේ තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට අද දින සනාථ වු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ ආසාදිත වි ඇත්තේ මෙයට පෙර එම බැංකු ශාඛාවේ කොරෝනා ආසාදිත වු කළමණාකරු සමග සමිපව ඇසුරු කල කාර්ය මංඩලයේ පිරිස් බව කියයි.
මෙම බැංකු ශාඛාවේ කළමණාකරු වෙන්නප්පුව නගරයේ පැවති ඔහු සේවය කල බැංකු ශාඛාවේ කළමණාකරුවන්ගේ හමුවකට සහභාගි විමෙන් පසුව 25 දින ආසාදිත වි තිබුනී .
එම කළමණාකරුවන්ගේ හමුවට පැමිණි වෙන්නප්පුව ශාඛාවේ කළමණාකරු ද මේ වන විට ආසාදිත වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .
කෙසේ වෙතත් අදාල පුත්තලම අදාල රාජ්‍ය බැංකු ශාඛාවේ කළමණාකාරවරයා ජෛව පටල සාම්පල පරික්ෂාවකට යොමු කර එහි වෛද්‍ය වාර්තා පැමිණිමටත් පෙර පාසල් වෙත ගොස් දරුවන්ට ඉතිරි කිරිම් සදහා කැට ලබා දිම සිදුකර තිබිම බරපතල තත්වයක් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ හේතුවෙන් මෙම කළමණාකරු කැට බෙදිමට ගිය පාසල් දෙකක විදුහල්පතිවරුන් දෙදෙනෙකු හා ගුරුවරුන් තිදෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කිරිමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.