පුත්තලම ප්රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතාට එරෙහිව පවතින නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණය අද (17දා) නියෝග කළේය. ඒ ඇප කොන්දේසි කඬකරමින් ඔහු විදේශගත වීමට උත්සාහ කිරීම හෙතුවෙනි.
සභාපතිවරයා කටුනායක ගුවන් තොටුපොළින් විදේශගත වීමට උත්සාහ කරන විට කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට පත්ව ඇත. පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කරමින් ඔහුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණි.