පුත්තලම නගරයේ රාජ්‍ය බැංකුවක කළමණාකරුවකුට කොවිඩ් 19 ආසාදනය විමත් සමග එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ කොවිඩ් ආසාදනය වි ඇත්තේ එම බැංකු ශාඛාවේ සේවය කරනු ලබන පුත්තලම නගරයේ පදිංචි කරුවකු බව කියයි.
අදාල කළමණාකරුට කොවිඩ් 19 ආසාදිත වි ඇති බව සිදුකල ජෛව පටල සාම්පලයකින් සනාථ වි ඇති බව කියයි.
ඒ අනුව අදාල කළමණාකරු සමිපව ඇසුරු කල එම බැංකු ශාඛාවේ සේවකයින් දෙදෙනෙකු හා කළමණාකරු සමග සම්බන්ධකම් පැවැත්වු ඥාති නිවාස තුනක පුද්ගලයින් 12 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ .
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසා සිටියේ පුත්තලම නගර සභාවේ සේවකයින් විසින් බැංකු ශාඛාව සම්පුර්ණයෙන් විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කල බවයි.