හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අප්‍රේල් 26 දා සිට මැයි 12 දා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (04දා) නියෝග කළාය.
වැලිකඩ ප්‍රදේශයේ සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට මෙම විදෙස් තහනම පනවා තිබිණි.
රුපියල් ලක්ෂ 10 ක අමතර ශරීර ඇප මත විදෙස් ගමන් තහනම තාවකාලික අත්හිටවනු ලැබුවාය.