සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ස්පා ආයතන විවෘත කිරීමට අවසර දී තිබේ.
කෙසේ වෙතත් පන්සල් ඇතුළු ආගමික ස්ථාන තවදුරටත් වසා තැබීමට නියමිතය.
මංගල උත්සව පැවැත්වීම තවදුරටත් තහනම් කර ඇති අතර මනාලිය හා මනාලයා ඇතුළු 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් තවදුරටත් විවාහ ලියාපදිංචි කිරීමට අවස්ථාව තිබේ.