පුජිත් - හේමසිරි යළි රිමාන්ඩ්
- 3 02 2020
- 14:41
- {{hitsCtrl.values.hits}} views
- ..
සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු මේ මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
මෙම පැමිණිල්ල අද (03) කොළඹ අතිරේක මහේස්ත්රාත් එච්.අයි. කේ. කාහියන්ගල මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබිණ.
එහිදී සැකකාර හේමසිරි ප්රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් මේ මස 05 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බව දැනුම් දුන්නේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
