හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පාස්කු දා ප්‍රහාරයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලැබූ නඩු දෙක විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ලෙ සෙසු සාමාජිකයන් වන්නේ ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඩ් ඉසර්ඩීන් යන මහාධිකරණ විනිසුරුවරුන්ය.
නිසි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල 21 වැනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා 864 බැගින් ගොනු කරමින් නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබුණි.