පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මිනී මැරීම සම්බන්ධයෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරවා සැකකරුවන් යළි රිමාන්ඞ් භාරයට පත් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේය.
මහේස්ත්රාත්වරයකුට නොමැති බලයක් ආරෝපණය කර ගනිමින් ඇප ලබාදීමට මහේස්ත්රාත්වරයකුට බලයක් නොමැති චෝදනාවකට ලක්ව සිටි මෙම සැකකරුවන්ට ඇප ප්රදානය කොට ඇතැයිද පෙන්වා දුන් දිලීප පිරීස් මහතා මහේස්ත්‍රාත්වරිය නීතිය අවභාවිතා කොට ඇතැයිද පැවසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු වලට පිළිතුරු දෙමින් සිය දේශනය ඉදිරිපත් කරමින් එසේ පැවසීය.
ඒ අනුව මෙම ප්රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් කැඳවනු ලැබු අවස්ථාවේදී මෙහි සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇති හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම ප්රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතාද පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතාද මීට පෙර දිනයේදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා සිය දීර්ඝ පිළිතුරු දේශනය ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා මෙම ප්රතිශෝධන ඇයැදුම්පත ඉදිරිපත් කොට ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පැවසීය.
සැකකරුවන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ මෙන්ම අත්තනෝමතික යැයිද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහිත යැයිද පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා එහෙයින් එම නියෝගය ප්රතිශෝධන කොට සැකකරුවන් රිමාන්ඞ් භාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේම නීතිඥවරුන්ගේ දේශන සලකා බැලූ විනිසුරුවරයා මෙම ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධ තීන්දුව ඔක්තෝම්බර් මස 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
මෙම පෙත්සම ඔක්තෝම්බර් මස 09 වැනිදා යළි කැඳවිමට නියම කළේය.