නීතිය ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හා සහයෝගය දැක්වූ සිවිල් වැසියන්ට මේ වසරේ ගෙවී ගිය කාලය තුළ රුපියල් හයකෝටි තිස්අට ලක්ෂ අනූඑක්දහසක මුදල් ත්‍යාග පිරිනමා තිබෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
නීතිය හා මහජන සාමය ආරක්ෂා කිරීමේදී ප්‍රසාදයට හා ඇගයීමට ලක්වීම පහසු කාර්යයක් නොවන බවත්, පොලිස් නිලධාරියෙකු ලෙස රටේ සාමය හා නීතිය ස්ථාපිත කිරීමට සහ මහජන දේපොළ හා මහජන ආරක්ෂාවට දිවි දෙවැනි කොට රාජකාරි සිදු කරන බවද හෙතෙම පවසා සිටියේය.
පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් ප්රදානය කිරීම වෙනුවෙන් අද (18දා) පැවැති උත්සවයකට සහභාගි වෙමින් පොලිස්පතිවරයා මේ බව පවසා සිටියේය.එහිදී පොලිස් නිලධාරීන් 805 දෙනෙකු වෙත රුපියල් එක්කෝටි හතලිස් තුන්ලක්ෂ හතලිස්හතරදහස් දෙසීයපනහක මුදල් ත්‍යාග පිරිනැමිණි.
මීට අමතරව පොලිස්පති ප්‍රශංසා 375ක් හා වැටුප් වර්ධක 03ක්ද පිරිනැමිණි.