පක්ෂ නායක ගැන තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දෙන්න - රනිල්
එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් හා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් දෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ
පක්ෂය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කර ජග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදය සකස් කළ යුතු බවද ඔහු පෙන්වා දී ඇතැයි එම පක්ෂය නිවේදනය කරයි.
popular news
-
Champa Tuesday, 11 August 2020 05:36 PM
මනාපෙන් පැරදුනු මන්ත්‍රීවරු පක්ෂ නායකයට අභියෝග කරනවලු. රනිල් සිරිසේන දෙන්නම ඉන්න ඕනේ ගෙදර. නමුත් රාජපක්ෂවරු බ්ලැක්මේල් කරලා "සිරිසේනට පාර්ලිමේන්තු එන්න හොඳ නම්", "සිංහල බෞද්ධ විරෝධී අලි සබ්රිට" පොහොට්ටු ලැයිස්තුවෙන් අධිකරණ ඇමතිකම දෙන්න හොඳ නම්, "උතුරේ පන්සල් තිබීම ගැන විරුද්ධ වුනු සුරේන් රඝවාන්ට" පොහොට්ටුවේ ලැයිස්තුවෙන් එන්න හොඳ නම්, "සිංහල බෞද්ධ විරෝධී මුස්ලිම් දෙමල දේශපාලකයන්ට සජිත්ගේ පක්ෂෙන්" පාර්ලිමේන්තු එන්න හොඳ නම්, "පැරදිච්ච සුමන්තිරන්" පස්සේ දිනුව කියල පාර්ලිමේන්තු එන්න හොඳ නම්, "පිල්ලෙයාන්ටත්" පාර්ලිමේන්තු එන්න හොඳ නම්, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ආවහම මොකොද? මේ චන්දෙදි මනාප ගණන් නොකර පෞද්ගලික උවමනාවට ප්‍රතික්ෂේප කෙරුවේ රනිල්ව විතරයි. ඒනිසා ඔහුට චන්දය දීපු කොළොඹ දිස්ත්‍රික්කයේ ජනතාවට අසාධාරණයක් වුනා. රනිල් පාර්ලිමේන්තුවේ නැති එක ගැන වැඩිපුරම සතුටු වෙන්න ඕනේ මම. හැබයි රනිල්ව ප්‍රතික්ෂේප වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදීව මිසක්, සිංහල බෞද්ධ විරෝධී මුස්ලිම් දෙමල දේශපාලකයන්ව පාර්ලිමේන්තු ගෙනාපු සජබට සහ සිරිසේනට ඕනේ විදිහට නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

