කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නගරය සෙනසුරාදා සිට සතියක අර්ධ අගුලු දැමීමකට භාජනය වන බවත්, නගරයේ රෝහල් ධාර්තාව ඉක්මවා යන මට්ටමට ආසන්න බවත් පළාත් මහ ඇමතිවරයා අද (30දා) පවසා සිටියේය.
පාකිස්තානයේ ෆෙඩරල් රජය එන්නත් ලබාගත් සහතික පත්‍රය නොමැතිව පොදු කාර්යාල, පාසල්, ආපනශාලා, පොදු ප්‍රවාහන, සාප්පු සංකීර්ණ සහ ගුවන් ගමන් සඳහා යොමුවීම තහනම් කරන බව නිවේදනය කළේය. කෙසේ වෙතත් පාකිස්තාන ජනගහනයෙන් 2.7%කට පමණක් සම්පූර්ණ කොවිඩ්-19 එන්නත් ලබා දී ඇත.
"මම දන්නවා, අගුලු දැමීම නිසා මිනිසුන්ට සැප පහසු නොවන නමුත්, ආසාදන සංඛ්‍යා පහත හෙලීම නොවැළැක්විය හැකියි" සින්ද් පළාතේ ප්‍රධාන අමාත්‍ය මුරල් අලි ෂා මාධ්‍ය හමුවකදී පැවසීය.
සින්ද් හි අගනුවර කොරෝනා වෛරසයේ ධනාත්මකභාවය 25%ක් පමණ වූ බැවින් ගතවූ පැය 24 තුළ කරච්චි නගරයෙන් කොවිඩ් මරණ 14ක් ඇතුළුව මරණ 86ක් පකිස්ථානයෙන් වාර්තා විය.
අගා ඛාන් විශ්ව විද්‍යාල රෝහලට අනුව, නගරයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනවලින් 100%කට ආසන්න ප්‍රමාණයකට බලපා තිබේ.
පසුගිය සති කිහිපය තුළ කරච්චියේ ආසාදිතයන් 20%ක පමණ ඉහළ යෑමක් දක්නට ලැබුණු නමුත් මුස්ලිම් ජනතාවගේ ඊද් නිවාඩුවෙන් පසු ගම්බද ප්රදේශවලටද වෛරසය පැතිර ගිය අතර, මිනිසුන් ගම්බිම් බලා යනවිට එම ප්‍රදේශවල ආසාදන වැඩිවීම 2% සිට 6% දක්වා ඉහළ ගොස් තිබේ.
එලැඹෙන අගෝස්තු 9දා දක්වා අගුලු දැමීම ක්‍රියාත්මක වන අතර නගරයේ අත්‍යවශ්‍ය සිල්ලර වෙළඳාම පවත්වාගෙන යාමට අවකාශය ලැබෙයි. අවන්හල්වලට ආහාර බෙදා හැරීමට පමණක් අවසර දෙනු ඇත.