පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය චීන ජාතිකයින් නව දෙනෙකුගේ සිරුරු අද (23දා) විශේෂ ගුවන් යානයකින් මව්බිමට පැමිණ ඇති බව චීන විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
මෙම ප්‍රහාරයේ සැබෑ තතු බැරෑරුම්ව, වගකීමෙන් හා නිවැරදිව සොයා ගැනීමටත්, වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමටත් කටයුතු කරන ලෙස පාකිස්තානය වෙත දන්වමින්, එවැනිම සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා පාකිස්තානයේ ව්‍යාපෘති සහ ආයතනවල සිටින චීන නිලධාරීන්ගේ ආරක්ෂාව ඉතා ඕනෑකමින් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද චීනය දන්වා තිබේ.