ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින වෙළදාම නැවතී ඇති බවට පාකිස්තානයේ ද් එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය පළකළ ප්‍රවෘත්තිය අසත්‍ය බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
එම පුවත්සේවය විසින් ප්‍රකාශයක් ලබාගත් අස්ලම් පඛාලි මහතා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධ කරගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් කර නොමැති බවයි.
අස්ලාම් මහතා උපුටා දක්වමින් එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේ පාකිස්තාන හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම නැවතී ඇති බවයි.
එසේම එම පුවත්පතේ කර්තෘවරයාට මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලිපියක්ද යොමුකර ඇත.