පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ධීවර කාර්මිකයින් හා ධීවර ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයින් අනාවර්යෙන්ම නිවෙස්වල දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
පී. සී.ආර්. පරික්ෂණ ප්‍රථිපල අනුව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවුවද ඔවුන් දින 14 කාලයක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නිර්දේශය මත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් නිකුත්කරන නිරෝධායන සහතිකය ලබාගත යුතු බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.
එම නිරෝධයාන සහතිකය ධීවර වරායේ කළමණාකරුට පෙන්වා ධීවර රක්ෂාවට යාහැකි බවද ඔහු කීවේය.