නොරොච්චෝලෙන් ජාතික පද්ධතියට විදුලිය දීම අරඹයි
දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරය ජාතික පද්ධතියට විදුලිය ලබා දීම (21) වන දින සවස වන විට ආරම්භ කල බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ නොරොච්චෝල ලක්විජය බලාගාරයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දින කිහිපයක් විදුලි සැපයුම ඇණ හිටීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට එක්වෙමිනි.
මෙහිදී අදහස් දක්වමින් ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසා සිටියේ පසු ගිය දින කෙරවළපිටිය විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සිදුවූ හදිසි බිද වැටීමක් හේතුවෙන් නොරොච්චෝල ලක් විජය බලාගාරයේ සිසිලන පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්වූ බවයි.
මේ හේතුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන් නැවතී තිබූ බවත්, අද දින සවස වන විට ජාතික විදුලි පද්ධතියට යලි මෙගා වොට් 300ක ධාරිතාවක් පළමු අදියරේ ලබා දීම ආරම්භ කල බවයි.
ඒ සමගම මෙහි ඉතිරි මෙගා වොට් 600ක ධාරිතාව එළඹෙන සදුදා වන විට සම්පූර්ණයෙන් ලබා දීමට කටයුතු කරමින් ඇති බවත්, තාක්ෂණික දෝෂය යළි සකස් කිරීම සදහා දේශිය විදුලි ඉංජිනේරුවන්ගේ දායකත්වය පමණක් ලබා ගැනීම සිදුවූ බව හෙතෙම කීය.
-
Dayan Friday, 21 August 2020 06:33 PM
But we can't make our minds to think that the power outrage was not deliberately done to warn the new minister for supporting the renewable sources of energy.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

