නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 33 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 8112 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය පැය 24ක කාලය තුලදි හැටන් නගරය, නුවරඑළිය, නව තිස්පනේ, යන ප්‍රදේශවලින් මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.
මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතය කොවිඩ් ප්‍රතිකාර ම්ධ්යස්ථාන වෙත යොමු කර අ3ැති බවත් එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 70ක් පමන මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවත් එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.
එමෙන්ම මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 153 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

