නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද (24දා) අලුයම මල්තුහින පතිත වි තිබුණි.
සැම වසරකම නත්තල් සමයේ නුවරඑළියට මල්තුහින පතිත වන අතර නුවරඑළිය තුරග තරග පිටිය, ගොල්ෆ් ක්රිඩාංගණය සහ නුවරඑළිය අවට තේ වතු වල සහ එළවළු වගා ගොවිපල්වලට මල්තුහින පතිත වි තිබුණි.
නුවරඑළියේ නගර සභා සිමාව තුළ (24) දින අලුයම් කාලයේ උෂ්නත්වය සෙල්සියස් අංශය 5 දක්වා පහළ වැටි තිබුණි.
මල්තුහින පතිත විමත් සමග නුවරඑළිය ප්රදේශයේ අද අලුයම දැඩි සිතල කාලගුණයක් පැවති අතර නුවරඑළිය හැටන් ප්රධාන මාර්ගයේද අළුයම් කාලයේ දැඩි පිනිබර කාලගුණ තත්ත්වයක් පැවතින.
මල්තුහින පතිත විමෙන් එළවළු වගාවට මෙන්ම තේ වගාවට සහ මල් වගාවට දැඩි බලපැමක් එල්ල කරන බවයි නුවරඑළිය ප්රදේශවාසින් පවසන්නේ.


