නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගත් අය පිළිබඳව තොරතුරු ඇත්නම් පොලීසියේ 1917යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා සිටියි.
මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් නව ඒකකයක්ද ස්ථාපිත කර තිබේ. ද්වේෂ සහගත හෝ පුද්ගලික අමනාපකම් මත අසත්‍ය තොරතුරු ලබානොදෙන ලෙසද පොලීසිය ජනතාවට දන්වා සිටියි.