නීති විරෝධි ඉන්දීය ධීවර යාත්‍රා රාජසන්තක කරයි

නීති විරෝධි ලෙස උතුරු පළාතේ ධීවර කටයුතු වල යෙදෙන ඉන්දීය ටෝලර් යාත්‍රා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා විසින් ඊයේ (21) දින මයිලෙඩ්ඩි ධීවර වරායේ නීරික්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ බව පැවසීය.
මයිලෙඩ්ඩි ධීවර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු පිලිබඳව සොයා බැලීම සඳහා මෙම සංචාරයට අමාත්‍යවරයා එක්වූ අතර එහි රඳවා තිබෙන ඉන්දීය ටෝලර් යාත්‍රා නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම ටෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු සීමාව තුළ විශාල මත්ස්‍ය හානියක් සිදුකරන බවත් එය මැඩලීමට සියළු අනවරස ධීවරය යාත්‍රා රාජසන්තක කරන බවත් පැවසීය.
popular news
-
Kumar Wednesday, 22 December 2021 05:06 PM
may mahathmaya kathakaranne raa beepu meeyek wageyi. Thawadinakihipayakin siduwenadeya balannako.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

