2020 සැප්තැම්බර් මස අනතුරට පත්වූ MT New Diamond නෞකාවේ අනතුර සම්බන්ධයෙන් අයකරගතයුතු මුදල් පිළිබඳවද කෝප් කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 26 සහ 38 වගන්ති යටතේ රු. මිලියන 12 ක මුදලක් ද අයකරගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය.
එහෙත් පනතේ 34 වගන්තිය යටතේ තක්සේරු කළ අගය රු මිලියන 3480 ක් වුවද එම මුදල මේ වන තෙක් ලැබී නොමැති බවත් රු. මිලියන 51.3 ක මුදලක් නැවේ ගින්න නිවීම සහ තෙල් විසිරීමට ප්‍ර තිචාර දැක්වීම සදහා පමණක් ලැබී ඇති බවත් මෙහිදී මෙහිදී හෙළි විය.
මෙම රු මිලියන 3480 ක තක්සේරු අගය සිවිල් වගකීම යටතේ පරිසරයට වු හානිය යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂඥ කමිටුවක් හරහා ලබා ගත් ඇස්තමේන්තුවක් බවත් මේවන විට එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් ඉදිරියේදී සාකච්ඡා කොට ඒ සදහා කටයුතු කරන බවත් අධිකාරියේ වැඩබලන සාමාන්යා ධිකාරි ජගත් ගුණසේකර මහතා පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙමින් මෙම ප්රවමාදයන් වළක්වා රටට ලැබිය යුතු මුදල් කඩිනමින් ලබා ගැනීමේ අවශ්යුතාව කමිටුව මෙහිදී අවධාරණය කළේය.
එසේම 2021 මැයි මාසයේ කොළඹ වරායට නුදුරින් සිදුවූ MV X-Press Pearl නෞකා අනතුරට අදාල වන්දි මුදල් අයකරගැනීම පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. පනතේ සිවිල් වගකීම යටතේ තක්සේරු කරන වටිනාකම්වලට වඩා විශාල වශයෙන් අඩු මුදලක් ලැබීම පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.
පනතේ සිවිල් වගකීම යටතේ ඇ.ඩො මිලියන 44 ක් ලබාගැනීමට තක්සේරුකර තිබුණද එම මුදලින් ඇ.ඩො මිලියන 6 කට ආසන්න මුදලක් පමණක් මේවනවිට ලැබීම ගැන කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර රටට ලැබිය යුතු වන්දි මුදල් උපරිම ලෙස ලබා ගැනීමට සාකච්ඡා මෙහෙයවියයුතු බව මෙහිදී මන්ත්රීනවරු අවධාරණය කළහ.
එසේම පිරිසිදු කිරීම් ඇතුළු කටයුතු සදහා වියදම් ලෙස රු මිලියන 823 ක වියදම් අතුරින් නවාතැන් පහසුකම් සදහා මිලියන 18 ක් වියදම් කිරීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය. මෙම වියදම් පිළිබද නිසි විගණනයක් සිදුකොට වාර්තාවක් ලබා දෙන ලෙසද කමිටුව උපදෙස් ලබා දුන්නේය.
එසේම මෙම අනතුරට අදාළව නෞකා සමාගමෙන් අයකරගත යුතු මුදල් නිශ්චිත කාලරාමුවක් තුළ කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය. එසේම අමාත්යාං ශය ද මේ සම්බන්ධයෙන් සැලැස්මක් සකස් කොට මෙහි ප්රෙගතිය මාස්පතා වාර්තාවක් මගින් අධ්යකක්ෂ මණ්ඩලයට දැනුම්දෙන ලෙසත් කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.
