මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
කිරිවත්තුඩුව ,තුඩුව වත්ත ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනය වෙමින් සිටී මවක ඇතුළු තිදෙනෙකුට කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් 19දා සවස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
රාගම පෞද්ගලික රෝහලක කළමනාකාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කරන වෛද්‍යවරයෙකුට පසුගිය 13දා කොරොනා රෝගය වැළඳීමත් සමඟ ඔහු කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කර තිබුණි .
මෙම වෛද්‍යවරයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන අතර ඔහුට කොරොනා රෝගය වැළඳීමෙන් පසුව එම නිවසේ පදිංචිව සිටි වෛද්‍යවරයාගේ බිරිඳ (37), ඇයගේ මව,(56) පුතා (11) සහ දියණිය (06) යන අය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
පසුව වෛද්‍යවරයා සංචාරණය කළ බව පැවසෙන ස්ථාන කිහිපයක් නිරෝධායනයට ලක් කොට ,එම ස්ථාන වලට ආ ගිය 34 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබුණි.
ඒ අතර පසුගිය 17දා ,වෛද්‍යවරයාගේ නිවසේ පදිංචිකරුවන් සිව්දෙනකු පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර අතර ඉන් තහවුරු වී ඇත්තේ එම නිවසේ පදිංචි වෛද්‍යවරයාගේ බිරිඳ පුතා සහ දියණිය ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවයි .
ඒ අනුව ඔවුන් 19 ද සවස, ගිලන් රථයකින් කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කිරීමට පියවර ගත් බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා කීය .
පසුව එම නිවසේ පදිංචි 56 හැවිරිදි කාන්තාව තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද පැවසේ .
