නිදහස් දිනයට ප්‍රථම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න හැකි වේවි
එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේදී පෙබරවාරි 4 වැනිදාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
යාපනයේ පිහිටි සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නිල නිවසේදී ඊයේ (29දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතුවෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙනා වේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා. මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එයට අදහසක් දැක්වූයේ නැහැ ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලා පළාත් ඒකාබද්ධ වෙනව නම් එහෙම එකතු වෙන්න පුළුවන් නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි.
අගමැතිවරයා මහනායක හිමිවරුන් හමු වුණා. එහිදී බුද්ධාගමටත් ප්රමුඛස්ථානයක් දෙනවා කියන ප්‍රවෘත්තිය පළ වෙලා තියෙනවා. ඒ බව අතුරු කමිටු වාර්තාවෙත් තියෙනවා. බුද්ධාගමට ප්රමුඛස්ථානයක් දී ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේම අනිත් ආගම්වලටත් සමානව සලකන්න ඕනේ.
මහින්දගේ පාර්ශ්වය කියන දෙයක් තමයි නොවැම්බර් 07 වැනිදා ගේන්න තිබුණ ව්‍යවස්ථා කෙටුම්පතට බාධා කරන්න තමයි අපි වෙනසක් කළේ කියලා. හැබැයි අපි ජාතික ආණ්ඩුවක් හදාගන්න අපේ සහාය පළ කළේ අපිට අරමුණක් තිබුණු හින්දා.
දැන් ඉක්මනින් නව ව්‍යවස්ථාවේ වැඩ කටයුතු කරගෙන යනවා. එළඹෙන පෙබරවාරි 04 වැනිදාට කලින් එ.ජා.ප., ජ.වි.පෙ. සහ අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක් ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් විශේෂඥ කමිටුව දීපු වාර්තාවේ තිබෙන කරුණු ගැන අපේ පාර්ශ්ව 03 සලකා බලනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වුණු නිසා පාර්ලිමේන්තු බහුතරය නැහැ කියලා කියනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 20ක් 21 දෙනෙක් විතර ආණ්ඩුවට එක්වෙන්න යනවා කියලා කියනවා. ඒ හින්දා අද ඒ අය අතරෙම අර්බුදයක් ඇති වෙලා. ඒ නිසාම එයාලට පක්ෂ කාර්යාලය වහන්නත් සිදු වෙලා. එයාලගෙන් එහෙම පිරිසක් ආවොත් අපේ අනිත් පාර්ශ්වයත් එක්ක 150කට වැඩි ප්‍රමාණයක් ඉක්මවා යනවා."

popular news
-
Deepal Nirosh Sunday, 30 December 2018 09:00 PM
නව ව්‍යවස්ථා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ජවිපෙත් එක්ක ජොලියක් ගත්තට කමක් නැහැ. හැබැයි 19 වගේ වංචනිකව ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගන්න නම් හදන්න එපා.
Reply : 0 0
Champa Sunday, 30 December 2018 09:45 PM
ඒව කොහෙද? එහෙම ව්‍යවස්ථාවක් ගෙනාවොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ දෙපාරක් කළා වගේ සිංහල මිනිස්සු ආයුධ අතට ගන්න ඕනේ. අරන් කොනක හිටන් දෙන්න පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ලම රතු දැන්වීමක් දාන්න ඕනේ අනුර කුමාරගේ ගෙදරට. ඊට පස්සේ සුමන්තිරන්ගේ ගෙදෙරට. ඊට පස්සේ ෆෙඩරල් ව්‍යවස්ථාවට පක්ෂව කතා කරන හැම යූඑන්පී, ජේවීපී, ශ්‍රී ලංකා මන්ත්රීගේම ගෙදර වලට තුන්ඩු යවන්න ඕනේ. ඊට පස්සේ කොළොඹ ඉන්න හැම දෙමලගේම ගෙවල් වට කරන්න ඕනේ. හිතන් ඉන්නේ සිංහල මිනිස්සු උඩ බලන් ඉඳියි කියලද ඔය ව්‍යවස්ථාව ගේනකම්? ලේ විලක් වෙලා නතර වෙන්නේ.
Reply : 0 0
sg Sunday, 30 December 2018 11:16 PM
me wade wahama nawthviya yuthuya... meya sarala adhasaki...නමුත් ගැබුරු අරුතක් ඇත...
Reply : 0 0
මුනසිංහ Monday, 31 December 2018 06:52 AM
ඒවා වානා මහත්තයෝ. ඔයාට ඕන විදියට රට නටවන්න දෙන්න බැරි බව අවබෝධ කර ගන්න.
Reply : 0 0
Bandula. Monday, 31 December 2018 08:40 AM
බොරුවට විවස්තාවක් කියල ත්‍රස්තවාදය පටවන්න වගේ මෙයාල දගලන්නේ, අනේ අපේ යටත් කොන්දක් නැහැනේ, උතුරේ අද මිනිසුන් අතරමන් වෙලා එයාලට උදව් කලොත් නරකද, දැන් එහෙට ගියොත් මෙයාලට ගුටි කන්න වෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
