නැව් සමාගම වන්දි මුදල ගෙවීමට එකඟ වෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදු වූ හානිය ගණනය කර නීතිපතිවරයා හරහා අදාළ රක්ෂණ සමාගමට හා සිංගප්පූරු නැව් සමාගමට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම වන්දි මුදල් ගෙවීමට එම නැව් සමාගම බැදී සිටින බවත් වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසීය.
මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදුව ඇති හානිය ගණනය කර, ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ නැව් සමාගම විසින් දැනුම් දී ඇති බවත්, ඔවුන් එම වන්දි මුදල් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (03දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දීය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ, මෙම නැවේ සිදු වූ සියලු සංවාද සහිත වීඩීආර් යන්ත්‍රය මේ වන විට මුහුදුබත් වී ඇති බැවින් නාවික හමුදාවේ ද සහය ඇතිව එය සොයා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි. අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව ද මේ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඒ මහතා සදහන් කළේය.
popular news
-
rocky Thursday, 03 June 2021 06:02 PM
gewanna soodaanam kiyanna puluwani.gewayida kiyana eka gana wiswaasayak thiyanna baha. Gewuwaa wunath eken bagayak wath pilli gahanawane!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

