මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන පරිලෝකන යන්ත්‍ර 04ක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙයුම් ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
සාගර කලාපය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මෙරට සාගර කලාපය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරමින් ඒ සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනු ලබයි. තවදඑක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මගින් සාගරය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ නීතිය බලාත්මක කරනු ලබන ආයතන සඳහා සුවිශේෂී පුහුණු පාඨමාළාවන් පැවැත්වීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද දායක වෙමින් ගෝලීය මත්උවදුර පිටුදැකීම සඳහා නිරන්තර දායකත්වය දක්වනු ලබයි.
ඒ අනුව, ගෝලීය මත්උවදුර පිටුදැකීම සඳහා සිදු කරනු ලබන වැඩසටහනෙහි තවත් දිගුවක් ලෙස නාවික හමුදාව මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා සිදු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය තවදුරටත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා මෙම පරිලෝකන යන්ත්රයුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මගින් ඊයේ දින නාවික හමුදාපති වෙත මෙලෙස භාරදීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව සිදු කරනු ලබන නිරන්තර මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා පහසුවෙන් රැගෙනයාහැකි මෙම පරිලෝකන යන්ත්‍ර යොදා ගැනීම මගින් ඉදිරියේදී මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුරෝපා සංගමයේ හා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් සහභාගි වී සිටියහ.

