නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු හත්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබල වේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා (01) දින නියෝග කළහ.
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් හත්දෙනෙකු නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක නිකේතනයක මුදලට සුදු ක්‍රිඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන එක්කයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත එම නිලධාරින් වටවල සහ ගිනිගත්හේන පොලීසියේ නිලධාරින් එක්ව (30) දින පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන (01) දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.
පොලීසිය වැටලිම සිදු කරන අවස්තාවේ තවත් සැකකරුවන් 12 දෙනෙකු පලා ගොස් ඇති අතර , මුදලට සුදු ක්‍රිඩාවේ යෙදිමට උපයෝගි කරගත් කාඩ් කුට්ටම් හතරක් , මුදලින් රු හැට දෙදෙහසක් , සභාපතිවරයාගේ පෞද්ගලික අධි සුඛෝපභෝගි ජිප් රථය , තවත් මොටර් රථයක් සහ රා බෝතල් කිහිපයක් තිබි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බි 29860 වාර්තාව මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ගිනිගත්හේන පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ කියාසිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග සිටි සැකකරුවන් 12 දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියමිත නිසා මෙම සැකකරුවන් මේ මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර බන්ධනාගාර නිලධාරින් හරහා ඔහුත් නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කරන ලෙසයි.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥය වරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ප්‍රධාන සැකකරු දේශපාලනයට සම්බන්ධ කෙනෙකු බවත්, සැකකරු ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයේ ගිනිගත්හේන ප්‍රදේශයේ කාර්යයාලයක් පිහිටුවිමට පැමිණ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ පොලීසිය වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.
එම සැකකරුවන් ඕනැම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ.

popular news
-
Devinda Uduwara Friday, 01 May 2020 05:34 PM
How did President GR go to Kataragama during the curfew times imposed?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

