මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක (07) එහි තිස් දෙදෙනකු (32) අවතැන්ව ඇත.
දැනට දින ගනනාවක් පුරා මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් 09 වන දින මෙම නාය යාම සිදුව ඇති බවත් එම තත්වයන් මත නිවාස හතක පදිංචිව සිට තිස් දෙදෙනකු ආරක්ෂාව සදහා එම නිවාස වලින් ඉවත් කිරිමට පිවයර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පවසන ලදි.
මෙම නාය යාම හේතුවෙන් අවතැන්වු තිස් දෙදෙනා මේ වන විට ඔවුන්ගේ ඥති හිත මිතුරන්ගේ නිවෙස්වල ගොස් ඇති බවත් ඔවුන් අවශ්‍ය පිසු ආහාර එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සපයා දිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
පවතින වැසි තත්වයන් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සමහර ස්ථානවල නාය යාමේ අවදානම් තත්වයන් පැවතිය හැකි බැවින් කදු ආශ්‍රිතව සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
දැනට දින කිපයක් පුරා මෙම ප්‍රදේශයන්ට දැඩි වර්ෂායක් පවතින බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්
