නළ ජලය අපතේ යාම වළක්වාගැනීම අතින් දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව ජලය අඩුවෙන්ම අපතේ යන දකුණු ආසියානු රටවල් අතර තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවද එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේය.
කොළඹ නගරය හැර රටේ අනෙකුත් ප්‍ර‘දේශවල ජලය අපතේ යෑම 22%ක් බවත්, සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් එය හොඳ තත්ත්වයක් ලෙස සලකන බවත් ඔහු පවසා සිටියේය.
කොළඹ නගරය තුළ නව ජල නළ එළීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ජලය අපතේ යෑම 40%ක් බවත්, එහෙත් ව්‍යාපෘතිය අවසන් වනවිට ජලය අපතේ යෑම 18%ක ප්‍රමාණයක් හෝ ඊට අඩුවන බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
දැනට නව නළ එළීම සිදුකර අවසන් ප්‍ර‘දේශවල ජලය අපතේ යෑම 12%ක් දක්වා අඩු වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.