2020 මහ මැතිවරණයට අදාළව නිහඩ කාලය අගෝස්තු 02 දා මධ්‍යම රාත්‍රී 12.00ට ආරම්භ වන බව මැතිවරණ කොමෂම නිවේදනය කරයි.
එම කාලය තුළදී අපේක්ෂකයන් විසින් ප්රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නිවේදිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම් බැනර් ප්‍රදර්ශනය කිරීම යනාදි කිසිඳු ප්‍රචාරණ ක්‍රියාවක් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිෂම නිවේදනය කරයි.