කල්තොට පොලිස් වසමේ පිහිටි පාසලක බාහිර ක්‍රියාකරකම් භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
එම විද්‍යාලයේ ළමුන් 15ක් සමග වලවේ ගඟේ දිය නෑමට ගොස් සිටියදී යම් ක්රියාකාකරමක් සිදුකරමින් සිටින විට 16 හැවැරිදි සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ පිළිබඳව කල්තොට පොලීසිය විමර්ශනයක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ගුරුවරිය පාසල් විදුහල්පතිවරයා හෝ කලාප අධ්යක්ෂවරයාගේ අවසරකින් තොරව සිසුන් රැගෙන ගෝ ඇති බවයි.
ඒ අනුව නොසැලකිමත් ක්‍රියාවක් සම්බන්ධයෙන් ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද දිනයේදී බලගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.