ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතරේම එම විශ්වවිද්‍යාලයෙ සේවය කරමින් සිටියදී ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ මොහොමඩ් නිසාම්ඩීට එරෙහි ත්‍රස්ත චෝදනා ඉවත් කිරීමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කර තිබේ.
මීට මාස කිහිපයකට ඉහතදී නිසාම්ඩීන් අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහුට ඇප හිමිවිය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් නිසාම්ඩීන්ට දැරීමට සිදුවූ නීති ගාස්තු හා වන්දි ඉල්ලා තවත් නඩුවක් ගොනු කිරීමට ඔහුගේ නිතිඥයින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.