ටිනර් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් නුසුදුසු මෙති ඇල් කොහොල් ලීටර් හතළිස් දහසක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මහ නුවර සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (14 ) අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම නීති විරෝධී තොගයෙන් මත්පැන් බෝතල් 15500 පමණ නිෂ්පාදනය කිරිමේ හැකියාව තිබෙන බව සුරාබදු මෙහෙයුම් ඒකකය පවසයි . ඇල්කොහොල් නිෂ්පාදනයට එතිල් ඇල්කොහොල් යොදා ගනු ලැබුවත් ඇතැමුන් මෙතිල් ඇල්කොහොල් මගින් ද නිෂ්පාදනය කරන බවත් එය නීතිවිරෝධී කටයුත්තක් බවත් පවසයි .
මෙරටට ගෙන්වන ලද මෙතිල් ඇල්කොහොල් පානය කිරීම නිසා පසුගිය කාලයේ මරණයට අන්ධභාවයට ඇතුළු කායික රෝගවලට විශාල පිරිසක් ලක්වී ඇති බවද පවසයි .
සුරාබදු නීති උල්ලංඝනය කරමින් මෙම ස්ප්‍රීතු තොගේ ළඟ තබා ගත් පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙන අතර ඔහු මේවා උපයෝගී කර ගනිමින් මත්පැන් නිෂ්පාදනය කළේ ද යන්න සොයා ලීම සඳහා ද විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
ෂේන් සෙනෙවිරත්න