රියදුරු පුහුණු පාසැල් විදිමත්ව නියාමණය නොවීමෙන් නිසි පුහුණුවක් නොමැති රියදුරන්ට වාහන බලපත් ලබා දීම නිසා මාර්ග අනතුරු ඉහළ යාමට හේතුවක් වෙනවා.- ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට අප රටේ රියැදුරු පුහුණු පාසැල් 538කට ආසන්න ප්‍ර මාණයක් තිබෙනවා. නමුත් මෙම රියැදුරු පුහුණු පාසැල් විදිමත්ව නියාමණය වීමක් සිදුවන්නේ නැති බව පෙනෙනවා. එම නිසා නිසි රියදුරු පුහුණුවක් ලබන්නටත් පෙර රියදුරු බලපත් ලබා දීමට එම රියදුරු පුහුණු පාසැල් කටයුතු කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.
එමනිසා මෙම රියදුරු පුහුණු පාසැල්වල සේවය කරන උපදේශකවරුන් නිසි පරිදි දැනුම්වත් කිරීමේ වැඩ පිලිවෙළක් ආරම්භ කරන ලෙස මම මෝටර් රථ ප්රරවාහණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා. ඒ් වගේම එම දෙපාර්තමේන්තුවේ සිටින විමර්ශන කණ්ඩායම් යොදවා දිවයිනේ පිහිටි සියලුම රියදුරු පුහුණු පාසැල්වල කටයුතු අධික්ෂණය කිරීමේ පුලුල් ජාතික වැඩ පිළිවෙලක් ක්රිමයාත්මක කරන්නට මම බලාපොරාත්තු වෙනවා. යැයි ප්රනවාහණ සේවා කළමනාකරණ අමාත්‍යා මහින්ද අමරවීර මහතා ප්රරකාශ කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දී මාර්ග අනතුරු පිළිබඳව පැවැති වැඩසටහනක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-
අප රටේ මාර්ග අනතුරු දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. බොහෝ මාර්ග අනතුරු සිදුවන්නේ රියදුරන්ගේ නොසැළකිල්ල නිසායි. රියදුරෙකුට හොඳ ඉවසිලිමත්භාවයක් තිබිය යුතුයි. ලංකාවේ ප්රමථම වතාවට ගුවන් පාලමක් මත සිදු වු වාහන අනතුර පසුගිය සතියේ සිදුවුනා. ගුවන් පාලමක් මත දී වාහන ඉස්සර කිරීම තහනම්. නමුත් මෙම හදිසි අනතුර සිදු කළ රියදුරා මාර්ග නීති කිසිවක් ගණන් ගත්තේ නැහැ. අවසානයේ තරුණ රණවිරුවෙකුගේ ජීවිතය අහිමි වුනා.
අප රටේ මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් අරඹනවා. මම දැනටමත් මෝටර් රථ ප්රතවාහණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා අපේ රටේ සියලුම රියදුරු පුහුණු පාසැල් නියාමණයට පියවර ගන්නා ලෙස.
මෙතෙක් මෙම රියදුරු පුහුනු පාසැල් නියාමණය වුනේ නැහැ. ඒ්වායේ සේවය කරන උපදේශකවරුන්ට නිසි පුහුණුවක් තිබෙනවාද යන්න සොයා බලා නැහැ. මම දන්න විදියට බොහෝ රියදුරු පුහුණු පාසැල්වල ඉන්න උපදේශකවරු විශ්රාාම ගියපු රියදුරෝ. ඔවුන් හොඳ පුහුණු රියදුරන් වෙන්න පුලුවන්. නමුත් ඔවුන්ට උපදේශණ හැකියාවක් තිබිය යුතුයි. ඒ් සඳහා විදිමත් පුහුණුවක් ලබා තිබිය යුතුයි.
ඒ් නිසා මෙම උපදේශකවරුන් පුහුණුව සඳහාත් වැඩ පිලිවෙලක් අරඹන්න මම තිරණය කළා.අනික් කාරණය තමයි රියැදුරු බලපත්රහයට ලකුනු දීමේ ක්රැමය යළි ආරම්භ කිරීම. 2009 දී මෙම ක්‍රමය ආරම්භ කරන්න සැලසුම් කළත් ඒ්ක ත්‍රියාත්මක වුනේ නැහැ. රියැදුරු බලපත්‍රයේ ඇතුළත් චිපය ක්‍රිය කරවීම සඳහා අවශ්‍ය උපාංග පොලිසියට ලබා නොදීම නිසා ලකුනු දීමේ ක්රැමය ඇන හිටියා. 24 සිට 0 දක්වා රියදුරු වැරදිවලට ලකුනු දෙනවා. බලපත්‍රයේ ලකුනු ප්‍රමාණය 0 දක්වා අඩු වුනාම බලපත්‍රය අවලංගු වෙනවා. ඒ්ක හොඳ ක්රමමයක්. එම වැඩ පිලිවෙල යළි ආරම්භ කරන්න මම තිරණය කළා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.